වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තවත් ප්‍රබල පිතිකාරියක ලෙස හර්ෂිතා සමරවික්රම නම් කළ හැකිය. ඇයගේ හැඩකාර පිහි හරමය නිසා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණ බොහෝය. ඇයගේ පිතිකරන රටාව හැඩකාර සේම, ඇයද හැඩකාර හරරුණියකි… ලස්සන කර්ෂිතා සමග අපි කතා මහකට එක් වෙමු!
හර්ශිතා වෘතිය ක්‍රිකට් ක්‍රීඩිකාවකට අමතරව මොනවද කරන්නේ.?
මම ශ්‍රීලංකා නාවික හමුදාවේ සේවය කරන්නේ.
ඉගෙන ගත්තේ මොන අංශයෙන්ද?
කළා අංශයෙන් උසස් පෙළ කලේ
ගෙදර විස්තර කියන්න පුලුවනිද?
අපේ ගෙදර අම්මයි තාත්තයි අයියයි මමයි. අපේ අම්මා මිය ගිහින් අවුරුද්දක් වෙනවා . අම්මා මගේ පස්සෙන් සිටිමින් නිතරම මට ගොඩක් උදව් කළා.අම්මා නැති අඩුව හරියට දැනෙනවා, හරිම දුකයි.
හර්පිතා පදිංචිය
නාරාහේන්පිට
යම් වනවිට හර්ෂිතා එක්දින තරඟ සහ T-20 තරඟ කීයකට විතර ක්‍රීඩා කරල තියෙනවද? එක්දින තරඟ 25කට සහ ටී ටුවෙන්ටි තරග 52කත විතර
*ක්‍රිකට් ක්‍රීඩාවට ඒමට පෙර හර්ෂිතාගේ ප්‍රියතම ක්‍රීඩක ක්‍රීඩිකාව වුණේ කවුද?
කුමාර සංගක්කාර සහ ශෂිකලා සිරිවර්ධන
*මුලින්ම ප්‍රිකට් කරහයකට ක්‍රීඩා කරද්දී වයස?
මුලින්ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරද්දී මට අවුරුදු 17යි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ආවම ඒ සෑම තරගයක්ම නරබනවද?
අනිවාර්යෙන්ම ඔව්. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගයක්ම නරබනවා.
මෙම ලෝක කුසලාන තරගාවලිය ගැන හිතන්නේ කොහොමද?
ලෙහෙසි පහසි තරගාවලියක් නෙමෙයි. අපේ ක්‍රීඩකයින් බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් ක්‍රීඩා කල යුතු තරගාවලියක්. ඒ අවස්ථාව සහ විකට්ටුවේ ස්වාහාවය හදුනාගෙන ක්‍රීඩා කිරීම ඉතා වැදගත් කියලයි මට හිතෙන්නේ.
ඔබ ඇමෙරිකාවේ ගිහින් ක්‍රීඩා කරලා තියෙනවද?
තවම නැහැ
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයා කවුද? එක්කෙනෙක් කියලා කියන්න බැහැ. කණ්ඩායමට කැමතියි.
ඒ හැමෝම අතරින් විශේෂ වූ ක්‍රීඩකයෙක් නැද්ද ?
ඇන්ජලෝ මැතිව්ස්ට කැමතියි
ශ්‍රී ලංකා කණ්ඩායමේ හැර?
ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උපදෙස් එහෙමත් ඔබට ලැබෙනවා ඇති?
දිනේෂ් චන්දිමාල් අයියා මගේ පිතිකරණ රටාව ගැන සහ ක්‍රීඩා කල යුතු විදිහ ගැන පුහුණු අවස්ථාවකදී කතා කළා. 2023 බංගලාදේශ තරගාවලියම නැරබුවා කියලා කිව්වා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හැර ඔබගේ ප්‍රියතම කණ්ඩායම ?
ඕස්ට්‍රේලියා සහ ඉන්දීය කණ්ඩායමට
කාන්තා කණ්ඩායම් අතරින් ?
එහෙම විශේෂයක් නෑ
ක්‍රිකට් ගැන කතා කරද්දී හර්ශිතාට මතකයට එන්නේ කොතනින්ද?
2000 ඉදලම වගේ මතකයි. මහේල අයියා නායකත්වය දුන් ලෝක කුසලාන තරගාවලියේදී අපි අනුශුරයින් වූ හැටි මතකයි.
ඔබට පන්දු යැවීමේ අවස්තාවක් ලැබුනහොත් කවුරු විදිහට පන්දු යවන්නද කැමති?
ඇන්ජලෝ මැතිව්ස් යවන විදිහට
මෙතෙක් ලංකාවේ ඔබ දුටු හොදම ක්‍රීඩිකාව කවුද?
හිටපු අයගෙන් සශිකලා සිරිවර්ධන අක්කා. දැන් සිටින අයගෙන් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු අක්කාට
ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ක්‍රීඩිකාවන් අතර සිටින ලස්සනම ක්‍රීඩිකාවක් කියලා තමයි විචාරකයින් ඔබ හදුන්වන්නේ. ඒ ගැන කොහොමද හිතෙන්නේ.
හැමෝම එක එක විදිහට ලස්සන ඇති. මාවත් එක එක විදිහට දකිනවා ඇති.
වත්මන් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ඔබ දකින ලස්සන ක්‍රිකට් ක්‍රීඩිකාව ?
අලිස්ෆෙරි (ඔස්ට්‍රේලියාව) අමෙලියාකර් (නවසීලන්තය ) වගේ කිහිප දෙනෙක් ඉන්නවා
ලස්සන හර්ශිතාට ක්‍රිකට් ක්‍රීඩක යෙක්ගෙන් ආදරණිය යෝජනා එහෙම ලැබිලා තියෙනවද?
නැහැ …. නැහැ…
එතකොට හර්ශිතාගේ ආදරය කොහොමද ?
දැනට නම් ආදරය ගැන හිතලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන තමයි වැඩිපුර හිතන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට තමයි දැනට ආදරේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්රිදකයෙක්ගෙන් ඇරයුමක් ලැබුනොත් ?
කල්පනා කරලා බලනවා
ආදරය ගැන හර්ශිතා හිතන්නේ කොහොමද?
සෑම කෙනෙක්ටම ආදරය කියන්නේ අවශ්‍යම දෙයක්. නියම කාලයේදී නියම වෙලාවට මටත් ආදරය ලැබේවි කියලා හිතනවා.
මේ ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම ලෙස හර්ශිතා දකින්නේ ?
ඉන්දීය කණ්ඩායම
අවසන් පුර්ව වටයට එන කණ්ඩායම් ලෙස ඔබ නිගමනය කරන්නේ ?
ඉන්දියාව,ඔස්ට්‍රේලියාව,ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම බොහෝ දුරට අවසන් වටයට ඒවි යැයි කියලා මට හිතෙනවා.
ඔබගේ විනෝදාංශය ?
විවේකයේදී ගෙදර නිදහසේ ඉන්න තමයි වඩා කැමති. ගෙදර ය එක්ක කාලය ගත කිරීම තමයි විනෝදාංශය
සින්දු එහෙමත් අහනවා ඇති
අහනවා
මේ දිනවල වැඩිපුරම අහන්නේ
විසල් ආදරේ ෆිල්ම් එකේ මයි මල් පවා ඇයි දැයි අසා
හර්ශිතා ජිවිතේ ගැන අද හිතන්නේ කොහොමද?
අද මේ සිටින තැනට එන්න ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ලොකු සතුටක් දැනෙන්නේ. ගෙදර අයගෙන් ලැබුණු සහයෝගය ඉහලයි. පුහුණුකරුවන් හා ගුරුවරු සියලු දෙනාගෙන් ලැබුණු මග පෙන්වීම් කියාදීම් නිසා ඒ ගමන එන්න පුළුවන් වුණා. මම ඉගෙන ගත්තේ කොලබ ගෝතමී බාලිකාවෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. ඒ ගැනත් ගවුරවයෙන් සිහිපත් කරන්න ඕනා
සදුන් ගමගේ
























