BREAKING NEWS
Search

මත්තල රේගු නිළධාරියෙකු හදිසියේ මියගිහින්

215

මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රාජකාරියේ නිරතව සිටි රේගු නිළධාරියෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

රේගු නිලධාරීන්ගේ විවේක කාමරයක් තුලදී මොහු හදිසියේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් රේගු නිලධාරියා රුක්මලේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එන්.එස්.විජේතුංග නමැත්තකු බව හදුනාගෙන තිබෙන බවයි මත්තල පොලිසිය පවසන්නේ.

එම නිලධාරියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනිමට හැකි වී නැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවයි මත්තල පොලිසිය පැවසුවේ.

මළසිරුර මේ වනවිට දෙඹරවැව රෝහලේ තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *