BREAKING NEWS
Search

කැමති ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය දාන්න අවස්ථාවක් – වැඩි විස්තර මෙන්න

110

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවය.

මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 01 වැනිදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතුය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *