බිරිය රෝගාතුරව සිටි බවත් මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට මරණ පරීක්ෂක ඇතුළු නිලධාරින්ද පැවැසූ බවයි අදාළ ස්වාමිපුරුෂයා විසින් මල්ශාලාවට පවසා ඇත්තේ.
ඒ අනුව මල් ශාලාවේ සේවකයන් විසින් මිනී පෙට්ටිය ඇතුළු උපකරණ මොහු සමඟ මොහුගේ නිෙවසට රැගෙන ගොස් මිනී පෙට්ටිය නිවසට රැගෙන ගොස් ඇති අතර එහිදී මිනී පෙට්ටියක් රැගෙන ඒමට හේතුව කුමක්දැයි ඔහුගේ දරුවන් විමසා තිබෙනවා.
”උබලාගේ අම්මා මැරුණා” ලෙස එම අවස්ථාවේ මෙම පුද්ගලයා පවසා ඇති අතර එහිදී දරුවන් සඳහන් කර ඇත්තේ සිය මව මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින බවයි.
මෙම සිදුවීමත් සමග මල් ශාලාවේ සේවකයින් මිනී පෙට්ටිය ආපසු රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු විසින් සේවකයින්ට තර්ජන කර තිබෙනවා.
එහිදී මිනී පෙට්ටිය නිවස තුළ දමා මල් ශාලාවේ පිරිස පිටව ගොස් ඇති අතර, වැඩිමහල් දරුවා විසින් මේ සම්බන්ධයෙන් 119 හදිසි දුරකතන අංකයට දැනුම් දීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මල් ශාලාවේ හිමිකරුද මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසිය වෙත දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ අනුව බළන්ගොඩ පොලිසියේ නිලධාරින් දෙදෙනකු එම නිවසට ගොස් මිනී පෙට්ටිය මල් ශාලාවේ සේවකයින් වෙත ආපසු රැගෙන යෑමට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
සැමියා විසින් මිනී පෙට්ටිය වෙනුවෙන් මල් ශාලාවට ගෙවූ රුපියල් 40000ක මුදල නැවත රැගෙන යෑම සඳහා මල් ශාලාවට පැමිණෙන ලෙස බිරිඳට සහ සැමියාට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා කිසිවක් ප්‍රකාශ නොකරන බවයි පොලිසිය පවසන්නේ.



















