BREAKING NEWS
Search

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට හේතුව හෙළි වෙයි – නළු පුතෙකුත් හවුල් වෙලා

294

ග්‍රෑන්ඩ්පාස් තමිල්නාඩුව ප්‍රදේශයේදී පෙරේදා (25 දා) රාත්‍රී සිදු වූ ද්විත්ව ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් දෙකක් අතර කාලයක පටන් පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙරට විකාශනය වන දීර්ඝතම ටෙලි නාට්‍යයක විකට රංගන ශිල්පියකුව සිටි අයකුගේ පුත්‍රයකු මෙම ද්විත්ව ඝාතනය පිටුපස සිටින බවට පොලිසිය සැක පහළ කරයි. එම පුත්‍රයා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා සහ පෙරේදා ඝාතනයට ලක්වූ තොටළඟ කුඩු සුවිනීතා සමග ආරවුලක් පැවති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් පොලිසිය කියා සිටියි.

පෙරේදා රාත්‍රී කුඩු සුවිනීතා සහ තවත් පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස් තමිල්නාඩුව ප්‍රදේශයේ මහල් නිවාසයක් ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටියදී එහි කඩා වැදුණු නාඳුනන පාතාල සාමාජිකයන් දෙදෙනකු ඔවුන්ට වෙඩි තබා පලාගොස් තිබිණි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 56 හැවිරිදි කුඩු සුවිනීතා සහ 31 හැවිරිදි පිරිමි අයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔවුන් මියගොස් තිබිණි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *