BREAKING NEWS
Search

වාහනයට ගංජා දැමුවා කියූ පොලිස් නිලධාරියාට සිදු වූ දේ මෙන්න

360

සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසුවේ අදාළ කංසා තොගය පොලිසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බවය.

මොහු රාජකාරිය පැහැර හැර ඇති බවත් වාහනයේ කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසුවේ.

සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණු ආකාරයට වාහනයේ ගමන් කළ තරුණයන් මෙම කංසා පොලිස් නිලධාරියා දැමූ බව පුන පුනා ප්‍රකාශ කර තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් වෑන් රියේ තිබූ බව කියනු ලබන කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට අසීරු විය.

නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *