BREAKING NEWS
Search

හිස කෙස් කපා පාසලට පැමිණෙන ලෙස අවවාද කළ ගුරුවරයාට දරුණු අපරාධයක් කල සිසුවා

233

පුත්තලම ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ගුරුවරයෙකුට පිහි ඇනුමක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

විමසීමකදී පුත්තලම පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

අද (ජූලි 26) උදෑසන මෙම පහර දීම සිදු කර තිබේ.

මෙම ගුරුවරයා සිසුවාට හිස කෙස් කපා පාසලට පැමිණෙන ලෙස අවවාද කළ අවස්ථාවේදී මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

පහරකෑමට ලක් වූ ගුරුවරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පහර දීම සිදු කළ සිසුවා මේ වනවිට පොලිස් භාරයේ සිටින බව ය.

මේ පිළිබඳව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *