BREAKING NEWS
Search

කෝටි 8ක් අරන් ආවේ නෑ – නයන් ඩෑඩ්ගේ අවසන් කැමැත්ත කේ.සුජීවාගේ දුව අංජලි ප්‍රථම වරට හෙළිකරයි

6151

අතුරුගිරියේ සාප්පුවක වෙඩි ප්‍රහාරය නිසා ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් තැනැත්තා නයන වාසුලයි.

ගම්පහ මහානාම හිමියන් ලෙසින් මෙරටේ බොහෝ ජනාදරයට පාත්‍රව සිට පැවිදි ජීවිතය අත්හැර ගායන ශිල්පිනි කේ.සුජීවා සමග ඔහු විවාහ වී සිටියේ.

ගම්පහ මහනාම හිමි ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ ඔහු කවි බණ කියන්න අති දක්ෂයෙක්.

එහෙම වුණත් නයන වාසුලව රවට්ටගෙන කේ. සුජීවා විවාහ කරගත් බව ඔහුගේ පැවිදි සමයේ මිතුරුන් චෝදනා කර තිබුණා.

ඒ විතරක් නෙවෙයි නයනගේ බැංකු ගිණුමේ තිබුණ කෝටි 8කට වැඩි මුදලක් තිබූ බවත්, ඔහුගේ BMW වාහන කේ.සුජීවා සහ අංජලි රාජ්කුමාර් පරිහණය කළ බවත් චෝදනා එල්ල වුණා.

මේ සියලු චෝදනාවලට අංජලි රාජ්කුමාර් Youtube නාලිකාවකට අදහස් පළ කරමින් මෙලෙස පිළිතුරු ලබා දී තිබුණා.

එහි දී මළ සිරුර භාර නොගත්ත ප්‍රශ්නයටත් උත්තර දුන්නා.

“පළවැනි දවසේ ඇත්තටම යන්න බෑ, එතනින් එහා මුකුත් කරන්න බෑ. අම්මාගේ කන්සෙන්ට් එක ඕනි, අම්මා සර්ජරි එකේ.. අම්මා සර්ජරි එක ඉවර වුණාට රෑ ඩොක්ටර් අපිට තරයේ අවවාද කළා. අම්මා ඉන්න තත්ත්වයට උඩ, නයන් ඩෑඩ් නැතිවුණු එක දැනගන්න තියන්න එපා, පැය විසිහතරක් යනකන්.. ඩොක්ටර් කියනකන්ම ඉන්න කිව්වා.

අපිට අපේ හිතේ එයා තමයි තාත්තා.. තාත්තා කියලා වඳින්නෙත් අපි නයන් ඩෑඩ්ට.. නමුත් ඉතින් ඒ වෙලාවේ අපිට නීතිය අනුව යන්න වුණා. ඔය හංඟපු කතාව තියනවනේ.. ඒක ගැන මම කියන්නම්.. නයන් ඩෑඩ් නැතිවුණා. අම්මට වෙඩි වැදිලා තියනවා. මේ වගේ තත්ත්වයකදී හංඟපු කතාවක් කියන්නෙ කොහොමද.?

මෙච්චර දරුණු දෙයක් වෙලත් මිනිස්සු කියන දේවල් බලන්න… හාමුදුරුවරු, සමහරු සල්ලිවලට.. නයන් ඩෑඩ් දැන් නෑ, නමුත් එයාගේ අතීතය කොච්චර අදිනවද?

ඒ කතාව එළියට ගියේ නැති නිසාමයි එයාලා සතුටින් හිටියේ.. ඒක කියන නොකියන එක එයාලගේ තීරණයක්… නයන් ඩෑඩ්ට ගොඩක් යාලුවෝ නෑ, අම්මට කතා කරන්නෙ සුදු අම්මි කියලා.

අපි අවසන් කටයුතු කළෙත් එයා ආස විදිහට.. කවද හරි පාංශකූලය දෙන්නත් ඕනි චන්දිම හාමුදුරුයෝ කියලා නයන් ඩෑඩ් කියලා තිබුණේ, පැය 24ක් යන්නත් කලින් අයින් කරන්න කිව්ව එකත් නයන් ඩෑඩ් කිව්ව එකක්.

ඉතින් අම්මා කිව්වා, ඔයාලා ගිහින් ඒ දේවල් කරන්න කියලා. අම්මමයි කිව්වේ එයාට ෆුල්වයිට් අන්ඳන්න කියලා.. අපි දන් නෑ අපිත් එක්ක තියෙන තරහා මොකද්ද කියලා..

අපි හොරෙන් අවසන් කටයුතු කළේ නෑ, හර්ස් එක වුණත් දෙන්න පුළුවන් කියලා කිව්වේ හවස 5ට.. එහෙම කෝටි 8ක් අරන් ආවේ නෑ, එයා දැන් පණපිටින් නෑ, එයා ගිහිල්ලනේ. එයාට නිදහසේ ගිය තැන ඉන්න දෙන්න..“




Leave a Reply

Your email address will not be published. Required fields are marked *