BREAKING NEWS
Search

ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි

129

බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වේ.

දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැරි බව කී එම නිලධාරීයා මේ වන විට එම කාර්යාලය තුළ කිසිඳු ගැටලුවක් නොමැති බව සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *