BREAKING NEWS
Search

මාරක අනතුරින් පිය – පුතු දෙදෙනාටම දිවි අහිමිවෙයි

517

පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරින් එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මෝටර් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර, අනතුරින් මියගිය අය අතර මෝටර් රථය පැදවූ පුද්ගලයා ද වේ.

අනතුරට මැදිවීමෙන් යතුරුපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි විදුහල්පතිවරයෙකු ද සුළු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *