ජනප්‍රිය නළුවකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පදනම අවශ්‍යතා ඇති සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක් 2023 වසරේදී හි ව්‍යාපාරිකයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයෙන් ආරම්භ කර තිබුණා
ඔහු එවර ලැප්ටොප් පරිගණක 500 කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ලද බව වාර්තා වේ.
තවද ඔහු පසුගිය දිනක එක්තරා සමුළුවකට සහභාගී වෙමින් මෙසේ ප්‍රකාශ කර සිටියා
මේ තියෙන වීඩියෝ එකම දාලා නොම්බර ටිකක් දාලා ඔබට දිනුමක් ඇදුන කියල ප්රෝඩා කරනවා. ඒක අපි සීඅයිඩී එකට කියලා කිව්වම ඒ ගොල්ලො කියනවා හොරු අල්ලන්න බෑ කියලා.
එක ලැප්ටොප් ලක්ෂ දෙකක් වෙන්න පුළුවන් දෙක හමාරක් වෙනවා වෙන්න පුළුවන්. ගියපාරත් අපිට සිය ගානකට සල්ලි දුන්න මේ පාර දුන්න කෝටි ගානක් එකට එහෙම කරපු ඒ ඩොනේශන් එකෙන් ලංකාවේ රේගුව විසි දෙලක්ෂ අසූ හය දාහක් ටැක්ස් චාජ් කලා මේ රටේ. තමන්ගේ ජීවිතේ තමුන්ට ලැබෙන දේවල් මම හිතන්නේ මම විශ්වාස කරන පිලොසොෆිය තමයි මිනිස්සු පෝසත් වෙන්නෙ සමහර අයට සමහර අයට හැමදේම නැති වෙන්නේ ඇයි. දුප්පතයට උදව් කරන්න ඕනේ පෝසත් අය. නැති බැරි කෙනාට පුළුවන් තරමුදව් කරන්න ඕනේ තියෙන අය.
සමහර අය කතා කරලා කිව්වා අනේ රන්ජන් අයියේ අපේ තාත්තට අපිට ලැප් ටොප් එකක් අරන් දෙන්න පුළුවන් කමක් නැ කියලා. මගේ සල්ලි වලින් නෙමේ මමදෙන්නේ මම කරන්නේ සම්බන්ධීකරණයක් විතරයි. ස්වයං රැකියාවක් කරගන්න අවස්තාවක් මම මේ හදලා දෙන්න උත්සහ කරන්නේ. මම හිතන්නේ මේ පරිගණකය ගෙදර අරන් යන ළමයි තමන්ගේම යුටියුබ් නාලිකාවක් හදාගෙන කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන්
















