BREAKING NEWS
Search

යාපනයේ බිහිසුණු අනතුරක්

125

යාපනයේ මනිපායී කට්ටුඩෙයි හන්දියේදී යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ එක් කාන්තාවක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තවත් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මුහුන්තන් අජන්තා නැමති කාන්තාවක්.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පොලීසිය විසින් යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනතුර සිදුවන විට වෑන් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති අතර රියදුරු හා තවත් අයෙකු අනතුරෙන් පසුව වෑන් රථයෙන් බැස පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ජනතාව වෑන් රථයේ සිටි අනෙක් දෙදෙනා අල්ලා මනිපායී පොලීසියේ නිලධාරීන් වෙත බාර දී තිබෙනවා.

වෑන් රථයේ රියදුරු පලාගොස් ඇති නිසා අනෙක් දෙදෙනා බාර ගැනීමට පොලීසිය අකැමති වීම නිසා රැස්ව සිටි මහජනතාව පොලීසිය සමග උරණව කෑකෝ ගසමින් බල කිරීම නිසා පොලීසිය වෑම්න් රථයේ සිටි අනෙක් දෙදෙනාව අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

පලා ගිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති පොලීසිය අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *