හිඟුරුකඩුව පොලිස් වසමට අයත් අලාදුගස්පිටිය පස්සර පදිංචි පුද්ගලයකු ඉකුත් 22 වැනිදා රාත්‍රී දහයට පමණ බීමත්ව නිවසට පැමිණ බිරිඳට බැණවැදී අවුරුදු 11 වන තම පුතාගේ පාසල් නිලඇඳුම්, පොත්පත්, අනෙකුත් ඇඳුම් සහ නිවසේ භාණ්ඩ කෑම කාමරය මැදට ගොඩ ගසා ගිනිතබා ඇතැයි හිඟුරුකඩුව පොලිසිය පවසයි.
බිරිඳ විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පස්සර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හිඟුරුකඩුව පොලිස් ස්ථානාධිපති සෙනරත් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

















