Search

වයසට යෑම ප්‍රමාද කරන බෙහෙතක් සොයා ගනී

322

වයසට යෑම ප්‍රමාද කිරීමේ ඖෂධයක් ගැන ලෝකයේ කතාබහක් ඇතිව තිබේ.

රසායනාගාර පර්යේෂණවලට යොදාගත් මීයන්ගේ ආයු කාලය 25% කින් පමණ වැඩි කිරීමට නව ඖෂධයකින් හැකිවීම මේ කතාබහට මුල්ව තිබේ.

බීබීසී පුවත් සේවයේ වාර්තාවකට අනුව ඉන්ටර්ලියුකින් 11 ප්‍රෝටීනය වයස්ගත වීම කෙරෙහි බලපාන අතර පර්යේෂණාගාරවල සිටින මීයන්ට මෙම ප්‍රෝටීනය අවහිර කරන නව ඖෂධය ලබා දී තිබේ. පසුව ලැබුණු ප්‍රතිඵල අනුව එම මීයන්ගේ පිළිකා අවදානම අඩු සේම ඔවුන්ගේ ශක්තිමත්භාවය වැඩි බවද තහවුරු වී තිබේ. සති 75 ක් වයසැති මීයන් වයස අවුරුදු 55 මිනිසුන් සමග සැසඳිය හැකිය.

එමගින් මිනිසුන්ගේ වයසට යෑමේ ක්‍රියාවලිය ද ප්‍රමාද කළ හැකි බවට පර්යේෂකයෝ අපේක්ෂා කරති.

මහාචාර්ය ස්ටුවර්ට් කුක් පවසන්නේ මේ පර්යේෂණ හරහා මානව සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ආයු කාලය දීර්ඝ කිරීමට හැකියාව පවතින බවයි.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *