BREAKING NEWS
Search

බිහිසුණු අනතුරකින් පසු ජීවිත බේරගන්න දැඩි උත්සාහයක්

163

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරුපැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු වී තිබුණි.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථය තුළ සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා බේරාගැනීමට අසල සිටි පිරිස්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රියදුරු දොඹගහවෙල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *