නිෂිනි හතරසිංහ.. හතරසිංහ පවුලේ බඩපිස්සි ඇය නේ.. ටනාෂාගේ නංගී කිව්වාම ගොඩක් දෙනෙක් දන්න ඇය, දැන් නම් ගොඩක් දෙනෙක් දන්නේ මේ ප්‍රසිද්ද කලා පවුලේ ලේලිය විදිහට..
කමල් අද්දරාඅරච්චි නම් වූ ඒ මහා රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහ දිවියට එළඹෙන්නේ.. තවමත් ඒ තරම් වයසක් නැති මේ පුංචි කෙල්ල ඒ ගෙදර ගොඩක් සතුටෙන් විනෝදයෙන් කාලය ගෙවනවා කියලා ඇගේ සමාජ මාධ්‍යවලින් අපට දැකගන්න පුළුවන්..
ඉතින් පසුගිය දවසක් නිෂිනෙගේ උපන්දිනය යෙදිලා තිබුණා.. ඒ දවස කවදාවත් ඇයට අමතක නොවෙන දවසක් කරන්න අද්දරාඅරච්චි පවුලම ගොඩක් මහන්සි වෙලා වගේ.. විශේෂයෙන්ම ඇගේ සැමියා..
ඉතින් පවුලේ හිතවතුන් වගේම යහළු යෙහෙළියන්ගෙන් පිරුණු උපන්දින සාදයක් නිෂිනිට ලබාදෙන්න ඒ අය හැමෝම එකතු වෙලා.. ඉතින් මීට දවස් කීපයකට ඉහතදි තිබුන මේ උපන්දින සාදයේ අපූරු ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණේ මෙන්න මෙහෙමයි..
















































