සම්මුඛ පරික්ෂණයක් සඳහා සහභාගීවීමට ගිය තරුණයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙක්.
ඔහු සම්මුඛ පරික්ෂනයට සහභාගී වීමට නගරයට ඇරලවා ඇත්තේ පියා විසින්.
පානදුර සිට මරදාන බලා ධාවනය වන දුම්රියේ මෙම තරුණයා ගැටී ඇති අතර මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.



















