BREAKING NEWS
Search

නුවන් තුෂාර T-20 තරගාවලියෙන් ඉවතට

220

ඇඟිල්ලක් ආබාධයකට ලක් වීමෙන් නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

පල්ලෙකැලේ ඊයේ (24) පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී ඔහු මෙසේ ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද සිදු වූ ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, විස්සයි විස්ස තරගාවලි‍ය ලබන ජූලි 27, 28, හා 30 දිනයන්වල පැවැත්වීමට නියමිතයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේවන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *