BREAKING NEWS
Search

කාන්තාවකට නිරුවත් ඡායාරූප යැවූ අවුරුදු 66 ඡායාරූපශිල්පියාට වෙච්ච දේ

146

කාන්තාවකට නිරුවත් ඡායාරූප යැවූ පුද්ගලයෙක් මහනුවර පොලිසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 66ක ඡායාරූප ශිල්පියෙක්.

ඔහු පසුගිය දිනෙක කේක් ප්‍රදර්ශනයකට සහභාගී වී ඇති අතර එහිදී ඡායාරූප ලබාගෙන තිබෙනවා.

එම ඡායාරූප පසුව එම කේක් ප්‍රදර්ශනය සංවිධානය කළ සංවිධායකවරියකට යොමුකර ඇති අතර එම කේක් ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක්ද තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම ඡායාරූපය දුටු සංවිධායකවරිය වහාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර යොමුකළ පැමිණිල්ලට අනුව අදාළ පුද්ගලයා මහනුවර පොලිසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *