BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

158

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩිතබා “ක්ලබ් වසන්ත” නමැත්තා ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අනතුරුව ඔවුන් දෙදෙනාව අගෝස්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදී.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *