BREAKING NEWS
Search

අපි හෙළි කළ අන්තවාදී කල්ලි හැංගුණේ මාලිමාව අස්සේ… පාස්කු ප්‍රහාරයේ අගමුල දන්නේ අනුරලා තමයි…– ඥානසාර හිමි

122

2014 ජුනි මස 20 වෙනිදා මුස්ලිම් ආගමික නායකයෙකු විසින් එක්තරා කණ්ඩායමක් ඉස්ලාම් ආගමට මුවා වී මේ රටේ විශාල සංහාරයකට සැරසෙන බව තමන් වෙත දැනුම් දුන් බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ඒ අනුව තමන් එවක ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වී මෙම අවදානම් තත්ත්වය දැනුම් දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් නිසා රාජපක්ෂ ආණ්ඩුව සමයේ පාස්කු ප්‍රහාරයක් එල්ල නොවූ බවයි, එහිමියන් සඳහන් කළේ.

එදා තමන් හෙළි කළ අන්තවාදී කල්ලි 15කට අධික ප්‍රමාණයක් එදා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැප වූ ජාතික ජන බලවේගය තුළ සැඟවුණු බව ද ඥානසාර හිමි පෙන්වා දෙයි.

පසුගියදා ජපානයට ගිය අනුර දිසානායක පාස්කු ප්‍රහාරයේ අගමුල සොයන බවට පොරොන්දු වී ඇතැයි ප්‍රකාශ කළ එහිමියන් සඳහන් කළේ එම අන්තවාදී පුපුරන කල්ලි සියල්ල සිටියේ අනුරලා සමග නිසා ප්‍රහාරයේ අග මුල දන්නේ ද ඔහු බවයි.

වසර 04ක සිරදඬුවම් නියම වී අද අභියාචනාධීකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කළේය.

Source : asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *