BREAKING NEWS
Search

දස හැවිරිදි දියණියට නරුම පියා කල අපරාධය

215

දස හැවිරිදි බාල වයස්කාර දියණියට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දියණියගේ පියා ඊයේ (22) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

සිද්ධියට මුහුණ දී ඇති දැරිය දින දෙක තුනක සිට හැසිරීම් රටාවේ වෙනසක් පෙන්නුම් කර තිබුණි.

එම වෙනස පිළිබඳව දැරියගේ මව විසින් වීමසීමේ දී පසුගිය 19 වන දින මව කුඹුරේ වැඩට ගිය අවස්ථාවේ දී පියා විසින් තමාට සිදුකළ අතවරය පිළිබඳව දැරිය මවට පවසා ඇතැයි පොලීසිය පවසයි.

මව විසින් පස්සර පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට මුහුණදුන් දැරිය පස්සර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *