BREAKING NEWS
Search

අයියා මධුසමය ගතකරමින් සිටි හෝටලයේ, පෙම්වතා සමග සිටි නංගීට අත්වූ ⁣අවාසනාවන්ත ඉරණම…

2486
විවාහ වී මධුසමය ගත කරමින් සිටි අයියා ඇතුළු පිරිස සමඟ හෝටලයේ නාන තටාකයේ නාමින් සිටි නංගී දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගොඩහේන, කුලරත්න පාරේ අංක 64/5 හි පදිංචිව සිටි තුයියලාගේ මනීෂා සෙව්වන්දි නමැති අවිවාහක තරුණියකි.

මීට මාස දෙකකට පමණ ඉහතදී විදේශ රටක සිට පැමිණි සොහොයුරාගේ විවාහ මංගල උත්සවය හික්කඩුව, පින්නදූව ප්‍රදේශයේ හෝටලයක පවත්වා මධුසමය ගතකිරීමට අහුන්ගල්ලේ හෝටලයකට පසුගිය 18 වැනිදා පැමිණ තිබේ.

මනාල යුවළගේ සුව දුක් විමසීමට පසුදා වන 19 වැනිදා පෙරවරු නවයට පමණ මව සහ නැගෙනිය විවාහ වීමට සිටි පෙම්වතා සමඟ හෝටලයට පැමිණ ඇත.

නාන තටාකයේ නෑමට පුළුවන්දැයි විමසූ විට කළමනාකාරිත්වය ඊට අවසර දීමෙන් පසු දහවල් දොළහට පමණ නිවසට ගොස් ඇති මැය පෙම්වතා සහ අසල්වැසි නිවසක කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු සමඟ පැමිණ නාමින් සිටියදී එකවර දියේ ගිලී තිබේ.

වහා නාන තටාකයෙන් ගොඩට ගෙන බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.

මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලද අතර අධිකරණ වෛද්‍ය නිලධාරිනී එස්. ඒ. කේ. අමෝදා මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් විවෘත තීන්දුවක් ලබා දුන්නාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *