BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

189

දක්ෂිණ අධිවේගයේ කොළඹ දෙසට වූ මාර්ගයේ මෝටර් රථ දෙකක් ගැටී ඇති බව පොලීසිය පවසයි.

එම අනතුර සිදුව ඇත්තේ බද්දේගම සහ පින්නදූව අතර ය.

ඉන් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුර අද (21) පස්වරු 3.30ට පමණ සිදුවිය.

එහිදී කොළඹ දෙසට ගමන් ගත් එක් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ආරක්ෂිත වැටේ වැදීමෙන් පසු ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් හා ගැටී තිබුණි.

තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 13ක දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් ද වෙයි.

ඔවුන් ප්‍රතිකාර සඳහා බද්දේගම සහ කරාපිටිය රෝහල්වලට යැවූ බව පින්නදුව දක්ෂිණ අධිවේගී පොලිස් මුරපොළ පවසයි.

තුවාල ලැබූවන් අතුරුගිරිය සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කතරගම සිට ආපසු නිවෙස් බලායමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *