BREAKING NEWS
Search

තරුණයෙක් ගිලන් රථයක ගැටී මරුට

155

යතුරුපැදියක් සහ ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුර සිදුවී තිබුණේ අද (19) අලුයම් කාලයේදීය.

ගාල්ල කොළඹ මාර්ගයේ තරුණ සේවා මාවත හන්දියේදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *