BREAKING NEWS
Search

පියුමා රිමාන්ඩ්

245

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන “පියුමා” නමැත්තා එළඹෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (18) නියෝග කෙරුණි.

ඒ,  රැඳවුම් භාරයේ සිටි සැකකරුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන “පියුමා” ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි මස 15 වනදා මෙරටට රැගෙන ආවේය.

පියුම් හස්තික නොහොත් පියුමා කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙයි.

ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවද අනාවරණ වී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *