BREAKING NEWS
Search

පොල්තෙල් මිල ඉහල යාමට හේතුව හෙළිවෙයි

1961

සංවිධානාත්මක පිරිසක් පොල්තෙල් තොග සඟවා කෘතිම හිඟයක් මවා පා ඇතැයිද එමගින් අධික ලෙස මිල ඉහළ යවා තිබෙන බවද වාර්තා වනවා.

මේ ආකාරයට කෝටි ගණන් ලාබා ගන්නා මාෆියාවක් නිර්මාණය වී තිබෙන බවයි පැවසෙන්නේ.

පොල්තෙල් ආනයනකරුවන් සහ පිරිපහදු කරන්නන් පිරිසක් එක්වී මෙකී වෙළෙඳ මාෆියාව සිදුකරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පොල්තෙල් අධික මිලකට අලෙවිකිරීම මත සිය ව්‍යාපාරික කටයුතු අඩාල වී තිබෙන බවයි වෙළෙඳුන් පවසන්නේ.

පිටකොටුව ඇතුලු රටපුරාම ක්‍රියාත්මක මාෆියාව නිසා රටේ දේශීය පොල්තෙල් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *