BREAKING NEWS
Search

විවාහ වීමට සිටි තරුණිය සිය දිවි හානිකරගෙන. පෙම්වතා හෙළි කල දේ මෙන්න

91

විවාහා වීමට මාසයක් වැනි කෙටි කාලයක් තිබියදී සියදිවි නසාගත් තරුණියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ කහ­වත්ත ඇන්දාන ප්‍රදේශයෙන්.

නිවසේ තොටිල්ලකට බැඳ තිබූ සාරියෙන් එල්ලී මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ සෙල්ව­රාජ් විජිතා සංජී­වනී නමැති තරුණියක්.

ඇය පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස සේවය කර ඇති අතර ර්‍ර්ශ්‍රායලයේ රැකියාවක් සඳහා පිටත්ව යෑමට රැකියාවෙන් ඉවත් වී දැනට දින කිහිපයකට පෙර රැකියාවෙන් ඉවත් වී මිත්තණියගේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මිත්තණියගේ නිවසේ රැදී සිටි මෙම තරුණිය මිත්තණිය බෙහෙත් ලබා ගැනීම සදහා නගරයට ගිය අවස්ථාවකදී මෙසේ සියදිවි නසාගෙන තිබෙනවා.

ඇගේ වියෝව පිළිබඳව මිත්තණිය අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ පෙර දින රාත්‍රියේ ඇය පෙම්වතා සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන සිටි බවයි.

නමුත් පෙම්වතා ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්.

”ඒ ගෙදර අයට ඕන සල්ලි විත­රයි. මේ ගැන එයා මට නිතර කිය­නවා. ඒ ගැන පහු­ගිය දින­වල එයා හරි දුකෙන් හිටියේ. දුක උහු­ල­ගන්න බැරිව මේ දේ කර­ගෙන ඇති කියලා මම හිත­නවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *