BREAKING NEWS
Search

අම්මෝ එයාගේ ලස්සන – රත්තරනින් නිමකළ ඇඳුමින් සැරසුණු අම්බානිගේ මනමාලිය – ජායාරුප සහිතයි

306

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යය ආරම්භ වුණේ පසුගිය 12 වැනිදායි.

මෙහෙදී රාධිකා මර්චන්ට් පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා.

ඇය සැරසී සිටියේ, සාම්ප්‍රදායික ලෙහෙංගා ඇඳුමකින් වන අතර, ඇඟේ මංගල ඇඳුම නිර්මාණය කර තිබුණේ සැබෑම රත්තරං වලින් වීම විශේෂත්වයක්.

මෙම උත්සවයට පැමිණි අමුත්තන් 1,200 අතර ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්, දේශපාලනඥයන් සහ මෙටා අධිපති මාර්ක් සකර්බර්ග් සහ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් ඇතුළුව ව්‍යාපාරික ලෝකයේ සාමාජිකයොත් සහභාගි වුණා.

එමෙන්ම බොලිවුඩ්හී සුපිරි නළු නිළියන්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහ වර්තමාන ක්‍රීඩකයින්ද ඒ අතර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් අම්බානිගේ විවාහ උත්සවයේ ආරාධිතයින් අතර සිටීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක සනත් ජයසූරියටත් මෙම විවාහ උත්සවට ආරාධනා ලැබිලා තිබුණා.

නමුත් X සටහනක් මගින් ආනන්ද් අම්බානිට සහ රාධිකාට සුබ පැතුම් එක් කරමින් සනත් කියා සිටියේ, නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඔහුට විවාහ උත්සවයට සහභාගි වීමට නොහැකි බවයි.

විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ, යුගයේ දැවැන්තම විවාහ මංගල්‍යය වෙනුවෙන් මුම්බායි නගරයේ ප්‍රධාන මාර්ග දිනකට පැය කිහිපයක් වසා තබන බවයි.

ජූනි මාසයේදී අම්බානි පවුල තවත් පූර්ව විවාහ උත්සවයක් සංවිධානය කර තිබුණේ ඉතාලියේ සිට ප්‍රංශය දක්වා ගමන් කළ සුඛෝපභෝගී නෞකාවකයි.

මෙම විවාහ මංගල්‍යට ඉන්දියානු රුපියල් බිලියන 11ත් 13ත් අතර මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තිබෙන බව වාර්තා වනවා.

මාර්තු මාසයේ තිබුණ පූර්ව සැමරුම් උත්සවයට රියානාගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවා ඇති බවද වාර්තා වුණා.

එමෙන්ම ජස්ටින් බීබර් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ගෙවා තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *