BREAKING NEWS
Search

ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට

64

ඉතිහාසයේ පළමුවරට ඩයිනෝසර් ෆොසිලයක් වෙන්දේසියට තබා තිබේ.

ඩයිනෝසරයින් සැලකෙන්නේ මීට වසර මිලියන ගණනාවකට පෙර පෘථිවිය මත වාසය කළ බවට සැලකෙන සත්ත්ව විශේෂයකි.

මෙම ඩයිනෝසර් ගෝත්‍රයට අයත් ස්ටෙගොසෝරස් නම් ඩයිනෝසර් සත්ත්වයෙකුගේ ෆොසිලයක් අද අමෙරිකාවේ නිව්යෝක්හි දී වෙන්දේසි කිරීමට නියමිතව පවතී.

එම වෙන්දේසිය පවත්වන්නේ සොතබිස් වෙන්දේසි සමාගම විසිනි.

උසින් අඩි 11ක් සහ දිග අඩි 20ක් වන මේ ෆොසිලය නම් කර ඇත්තේ ඇපෙක්ස් ලෙසිනි.

ඉතාමත් හොඳ තත්ත්වයෙන් පැවති මෙම ඩයිනෝසර් ෆොසිලය 2022 වසරේ මැයි මාසයේදී සොයාගෙන ඇත්තේ ඩයිනෝසර් ෆොසිල සුලබව හමුව ඇති අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ මොරිසන් පිහිටීමේ තිබියදීය.

එම ෆොසිලයේ සියයට 70ක පමණ අස්ථි කොටස් නිරුපද්‍රිතව හමුවී ඇති අතර පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ එය ස්වභාවික හේතුවක් මත මියගිය ස්ටෙගොසෝරස් සත්ත්වයෙකුගේ ෆොසිලයක් වන බවය.

ඔවුන් මෙම විශ්වාසයට එලඹ ඇත්තේ ගැටුමක් හෝ විලෝපිකයෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් සිදුවිය හැකි අනතුරක සේයාවක් හෝ එම ෆොසිලය පරික්ෂා කිරීමේදී හඳුනා නොගැනීම හේතුවෙනි.

ඇපෙක්ස් ෆොසිලය අමෙරිකානු ඩොලර් මිලියන 4ත් 6ත් අතර මිලකට අලෙවි වෙතැයි ඇස්තමේන්තුගත කර තිබේ.

ඩයිනෝසර් නිදර්ශකයක් මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් වූ පළමු අවස්ථාව ද මෙයයි.

ඒ අනුව මෙය ඉතාමත් සුවිශේෂී තත්ත්වයක් බව වෙන්දේසිකරුවන් පවසයි.

ස්ටෙගොසෝරස් යනු මීට වසර මිලියන 150 කට පමණ පෙර ජුරාසික් යුගයේ ජීවත් වූ බවට සැලකෙන ඩයිනෝසර් විශේෂයකි.

ගෙලේ සිට වලිගය දක්වා විහිදුණු ආරක්ෂිත චර්ම ආවරණයකට හිමිකම් කියන සත්ත්ව කොට්ඨාසයක් ලෙස මෙම ඩයිනෝසරයින් ප්‍රසිද්ධියට පත්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *