පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ අද (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
“1986 මේ වගේම පඩි වැඩි කළා. ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා නඩු තීන්දුවක් තියෙනවා එහෙම අසමාන ලෙස සලකන්න බැහැ කියලා.
අපි මේ වගේ හොරිකඩයන්ට හොරිකඩ වැඩ කරන්න ආණ්ඩුවට ඉඩ තියන්නේ නැහැ.
ඒක පදනම් කරගෙන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.”


















