BREAKING NEWS
Search

සෝමාලියාවේ අගනුවර කාර් බෝම්බයක් පුපුරා යාමෙන් නව දෙනෙකු මරුට

80

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ආපන ශාලාවක් අසල කාර් බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් නව දෙනෙකු මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක්වන අල්-ෂබාබ් විසින් භාරගෙන ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් මෝටර් රථ 10ක් ද විනාශ වී ඇති අතර ජනාධිපති මන්දිරය ආසන්නයේ හොඳින් ආරක්‍ෂිත ප්‍රදේශයක තිබූ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදු ඇත.

අල්-ෂබාබ් වසර 17කට වැඩි කාලයක් පුරා රජය පෙරලා දැමීමේ අරමුණෙන් රජය ඉලක්ක කර ගනිමින් නිතර වැටලීම් සහ මාරාන්තික ප්‍රහාර දියත් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *