BREAKING NEWS
Search

ශ්‍රී ලාංකිකයින්ට අද සිට වීසා නැතිව තායිලන්තයට ඇතුළුවීමට අවසර

130

අද (15) සිට,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන් වේ.

වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර, එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය බවද සඳහන් වේ.

තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන​ය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බව පැවසේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *