BREAKING NEWS
Search

පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම සම්බන්ධව අධිකරණ නියෝගය මෙන්න

206

ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන අත්හිටුවන ලෙස ඉල්ලා ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචාධිකරණය හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම සැප්තැම්බර් 20 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පෙනී සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *