BREAKING NEWS
Search

පන පිටින් සිටින සර්පයින් 100ක් කලිසමේ සඟවාගෙන සිටි පුද්ගලයෙක් කොටු වෙයි

163
සර්පයින් 100කට වැඩි සංඛ්‍යාවක් සිය කලිසමේ සඟවාගෙන චීනයේ ප්‍රධාන නගරයකට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙක් එරට රේගු භාරයට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන්හි රේගු නිලධාරීන් විසින් හොංකොං සහ චීනයේ ප්‍රධාන භූමිය අතර මුරපොළක් වන ෆුටියන් වරාය හරහා ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

එහිදී ඔහුගේ කලිසමේ සාක්කුවල තිබී ටේප්වලින් ඔතා තිබු කැන්වස් බෑග් 6ක් එම නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් බෑග් විවෘත කළ අතර එහිදී සෑම බෑගයකම විවිධ හැඩයන් සහ වර්ණවලින් යුත් සර්පයින් ගණනාවක් ඇති බව සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී සොයාගත් සර්පයින් ගණන 104ක් බව විදෙස් මාධ්‍ය පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සර්ප විශේෂ 5ක් එහිදී හඳුනාගෙන අතර කිසිම සර්ප විශේෂයක් විෂ සහිත නොවන බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ දැයි රේගු ආයතනය දැනට ප්‍රකාශ කර නොමැති අතර රෙගුලාසි කඩ කළහොත් රේගුව නීතියට අනුව ක්‍රියා කරනු ඇති බවට රේගු ඒජන්සිය අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *