යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවසේ නාන කාමරය තුළ කැමරා පද්ධතියක් සවිකොට බිරිදගේ නැගණියගේ හා තවත් තරුණ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නැරඹීම හේතුවෙන් එම වෛද්‍යවරයාට පහර දුන් බිරිද ඔහුව ඊයේ (13) නිවසින් එලවා දමා තිබෙනවා.
එදිනම එම කාන්තාව යාපනයේ නීතිඥවරයෙකු හමු වී අදාල වෛද්‍යවරයාගෙන් දික්කසාද වීම සදහා අවශ්‍ය පියවරද ගෙන තිබෙනවා.
යාපනය ශීක්ෂණ රෝහලේ සේවය කරණ මෙම වෛද්‍යවරයා යාපනය තිරුණවේලී ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර එහි බිරිදගේ මව, නැගණිය හා තවත් තරුණ වෛද්‍යවරියක් ජීවත් වී තිබෙනවා.
බොහෝ කලක සිට සිය ස්වාමියාගෙන් විශාල වෙනසක් බිරිදට දක්නට ලැබුණු නිසා ඇය ඔහු කෙරෙහි දැඩි විපරමෙන් සිට ඇති අතර දිනක් නාන කාමරයේ ජල නල පද්ධතියේ වූ දෝෂයක් නිවැරදි කර ගැනීම පිණිස බිරිද විසින් ජල නල කාර්මිකයෙකු කැදවා ඔහුට දෝෂ ගැන ප්‍රකාශ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
නාන කමරයේ ජල නල දෙකක් කැඩී ගොස් තිබූ නිසා කාර්මිකයා එම නල දෙක ගැලවීමේදී ඒ තුළ කැමරා දෙකක් සවිකොට ඇති බව දැක නිවසේ කාන්තාවට ඒ බව ප්‍රකාශ කොට තිබෙනවා.
කාන්තාව සැමියාගෙන් ඒ බව ප්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඇයගේ නැගණියගේ හා තරුණ වෛද්‍යවරියගේ නිරුවත් දර්ශ්න රැසක් නාන කාමරයට සවි කරණ ලද කැමරාව ඔස්සේ ලබා ගෙන ජංගම දුරකතනයේ සටහන් කරගෙන සිටියදී බිරිදට හමු වී ඇති බව සඳහන්.
ඒ අවථාවේදීම බිරිද වෛද්‍යවරයට පහර දී නිවසින් එලවා දමා ඇති අතර බිරිද වෛද්‍යවරයාගෙන් දික්කසාද වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
නිවසින් එලියට දැමූ වෛද්‍යවරයා මිතුරෙකුගේ කාමරයක සිටින බව දැනගත් කාන්තාව එම නිවසට ගොස් වෛද්‍යවරයා කළ ක්‍රියාව ඔහුටද පවසා ඔහුව නිවසින් එලියට දමන ලෙස දණුම් දී තිබෙනවා.
මේ වන විට එම වෛද්‍යවරයා දින කීපයක් නිවාඩු ලබා ගෙන යාපනය ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවයි වාර්තා වෙන්නේ.



















