මේ පිළිබඳව එම ආයතනයේ හිමිකරු විසින් පොලිසියට පැමිණි කර තිබෙනවා.
එම පහර දීමට හේතු වී ඇත්තේ වීසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී ඇති වූ මුදල් ගැටලුවක් බවයි.
පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සිය එංගලන්ත සංචාරය අදාළ වීසා බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් දෙහිවල පිහිටි එම විදේශ සේවා නියෝජිත කාර්යාලයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ වීසා බලපත්‍රය එම ආයතනය විසින් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් වැයකර සකසා තිබු අතර, එම මුදල ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමේ දී බහින් බස් වීමක් සිදු වී තිබෙනවා.



















