BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු අද – පැටීගේ මස්සිනා අත්අඩංගුවට

93

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වැලිපැන්න, කුරුන්ද ප්‍රදේශයේදීය.

එහිදී සැකකරුවන්ගේ නිවාසද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර ඒවායේ වෙඩික්කරුවන් සැඟව සිටියාද යන්න පිළිබඳව ඇති වූ සැකය මත එම නිවාස පරීක්ෂා කළ බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් ඒවායේ තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමු වී නැත.

ඒ අනුව සැකකරුවන් තිදෙනා මුදාහැරීමට කටයුතු කර ඇත.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි.

ක්ලබ් වසන්තගේ දේහය අවසන් කටයුතු සඳහා තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

එහි ආරක්ෂාව ද පොලීසිය හා විශේෂ කාර්ය බළකාය එක්වී තර කර තිබේ.

එවන් පසුබිමක අද (13) දිනයේදී ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *