BREAKING NEWS
Search

ව්‍යාපාරිකයෙක්ව වෙඩිතබා ඝාතනය කල ඝාතකයින් STF මෙහෙයුමට කොටුවෙයි

6930

කොලොන්න පොලිස් වසමේ දි වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම සම්බන්ධයෙන් සැකකරුවන් වන වෙඩික්කරුවන් දෙදෙනාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් ව මිද්දෙනිය පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය අඟහරුවාදා (09) රාත්‍රියේ කොලොන්න පොලිස් වසමේදි තේ වගා ව්‍යාපරිකයෙක්ව ඔහුගේ නිවසේදී වෙඩිතබා ඝාතනය කිරිමට සම්බන්ධයෙන්  රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් “කැලෑ මහින්ද” හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැළුම් ජයවර්ධන නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02ක්, බෝර 12 ජිව උණ්ඩ 02ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකරන යතුරුපැදිය හා ජංගම දුරකතන 03ක් STF භාරයට ගෙන තිබුණි.

තවද මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවත් රොටුඹ අමිල නැමැත්තාගේ ලොකු අමිමා වෙත පහරදීමක් සම්බන්ධව එයට පළිගැනීමක් වශයෙන් කොලොන්නේ පදිංචිව සිටි එස්.බි. කුමාරසේන ව වෙඩිතබා ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.

මෙම ඝාතනය සඳහා රොටුඹ අමිල විසින් ලක්ෂ 04ක මුදල් හා හෙරොයින් ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *