BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත මැරුණු හැටි ලොකු පැටීලා සජීවීව බලලා

199

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආවස්ථාව වන තෙක් සිදුවීම් සියල්ල ඝාතන සැලැස්ම සිදු කළේ යැයි කියන ඩුබායි රටේ රැගෙන සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය ඔහු සිය ජංගම දුරකතනය හරහා මෙසේ සජීවිව නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් නොකරන ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.

විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා.

ඒ අනුව අදාළ මල්ශාලාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ සිද්ධිය හේතු කොටගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ ද ආරක්ෂාව තර කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *