BREAKING NEWS
Search

ජීවිත 18ක් බිලිගත් බස් අනතුර

102

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 19 තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු ද වන බව එරට පොලීසිය සඳහන් කළේය.

බස් රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *