අතුරුගිරිය නගරයට චිකාගෝවක ස්වරූපය ගෙනඑමින් ඊයේ (08) ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ අවසන් මිනිත්තු කිහිපය දැක්වෙන රූපරාමු පෙළක් අද දෙරණට ලැබී තිබේ.
එහි දැක්වුණේ ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවය.
එහිදී ක්ලබ් වසන්ත සිය බිරිය සමග පොල්තෙල් පහන දැල්වීමට එක්වී තිබුණි.
අදාළ ස්ථානයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ද රැඳීසිටියේය.


















