BREAKING NEWS
Search

කිසිවක්ම නොදන්නා පිරිස් ඔවුන්ට නැති කුමක් හෝ වටිනා යමක් ඔබ සතුව ඇත්නම් ඊට තා ගොතමින් ඔබට ඊර්ෂ්‍යා කරයි – කසුන් මුහුණුපොතේ තැබූ සටහන

221

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්.

ඒ වගේම තමයි මාධවී වත්සලා කියන්න රටක් ආදරය කරන කලා තරුවගේ ආදරණීය සැමියා.

ඔවුන් පසුගියදායි විවාහ දිවියට ඇතුලත් වුණේ.

ඉතින් ඔවුන් දෙදෙනා ගැන දැන ගන්න ඔවුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් කැමැත්තෙනුයි ඉන්නේ.

ඉතින් මේ කියන්න යන්නේ කසුන් තබපු ෆේස්බුක් සටහනක් ගැන.

 

” ඔබේ ජීවිතයෙන් යම් කොටසක් සමහරුන් දනී.

තවත් කොටසක් ඇතැමුන් දනී.

කිසිවක්ම නොදන්නා පිරිස් ඔවුන්ට නැති කුමක් හෝ වටිනා යමක් ඔබ සතුව ඇත්නම් ඊට දහසක් කතා ගොතමින්
ඔබට ඊර්ෂ්‍යා කරයි.

නමුත් උනුන් හොරැහින් ඔබ දෙසම බලයි.

ඔබ ආ මඟ, ඔබ මුහුණ දුන් බාධක, විඳි දුක්ගැහැට, ඔබ ලද තුවාල කැළැල්, නිදි නැති රාත්‍රීන් සහ
කුසගින්නේ සිටි දවස් ගැන සම්පූර්ණයෙන් දන්නේ ඔබ පමණි.

ඉතිං ඔබේ ජීවිතයේ තීරකයා ඔබ ම පමණි. සුබ දවසක් “

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *