BREAKING NEWS
Search

අල්ටෙයාර් නිවාස සංකීර්ණ සිදුවීමේ නොදත් තොරතුරු රැසක් හෙළිවෙයි

507
අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙ 67 වැනි මහලෙන් වැටී මිය ගිය 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය ගැන තවමත් පරීක්ෂන සිදුවෙමින් පවතිනවා.

ඒ සී.සී.ටී.වී දර්ශන ඔස්සේයි.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ මිය ගිය පාසල් සිසුවා සහ සිසුවිය මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බවටයි.

මේ අතරම එම සිසුවා සහ සිසුවිය සී.සී.ටී.වී දර්ශනවලට අනුව විදුලි සෝපානයේ යනතුරවත් කිසිම කනස්සලු ස්භාවයක් හෝ මුහුනෙන් දකින්නට නොලැබෙන අතර කිසිදු ප්‍රශ්නකාරි තත්ත්වයක් තිබුණ බවට සටහන් වෙන්නේ නැහැ.

කෙසේ නමුත් සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන්නේ සිසුවා තනිවම ගොස් මහල් නිවාසයෙන් පිට සිටි අයකුගෙන් දුම්වැටි කිහිපයක් ‍රැගෙන එන ආකාරයයි.

කෙසේ නමුත් මේ සිසුවිය උස් තැන්වල සිටිමින් ඡායාරූප ගැනීමට කැමැත්තෙන් සිටි අයකු අතර ඇයගේ ජංගම දුරකථනයේද එවැනි ඡායාරූප කිහිපයක් තිබී හමු වී ඇති බවට වාර්තා වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *