BREAKING NEWS
Search

ආයෙත් මට ටිකක් අමාරු වුණා… මම ජීවත් වෙයි කියලා හිතුවේ නෑ…ආයෙත් කොණ්ඩේ ගියා – සුසන්තා

114

මාතලේ යොවුන් කුමාරි තරගාවලිය ජයග්‍රහණය කරලා පුංචි තිරයත් රිදී තිරයත් එකසේ ජයගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.මීට වසර ගණනාවකට කලින් දාන දාන රූපවාහිනී නාලිකාවේ ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා.

හැබැයි පසුගිය කාල සීමාවේදී නම් ඇය කලාවත් එක්ක එකතුවෙලා ඉන්නවා අපි දැක්කේ නැහැ.ඒකට හේතුව සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අතිශය දරුණු රෝගී තත්ත්වයක් වන පිළිකා මේ රෝගී තත්ත්වයට ගොදුරු වූ නිසයි.

ඇයට වැළඳුනේ පියයුරු පිළිකාමය රෝගී තත්ත්වයක්. ඒ නිසාම රෝගී තත්ත්වය දැනගත් මොහොතෙම ඇයට එය සුව කර ගැනීමට වාසනාව උදා වුණා.හැබැයි අවාසනාවකට නැවත වතාවක් ඇය ඒ රෝගී තත්ත්වයෙන් පෙලෙනවා කියලා පසුගිය දවසක වෛද්‍ය වාර්තාවලින් හෙළි වුණා.

කෙසේ නමුත් ඒ අනුව මහාම ක්‍රියාත්මක වුණු සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ පවුලේ අය ඇය වෙනුවෙන් ප්‍රතිකාර පටන් ගත්තා.ඒ වගේම ඇයගේ ආදරණීය දියණියත් විදෙස් ගතවෙලා තමයි එන්නේ. කොහොම නමුත් එවැනි කාල සීමාවක ඇය ගත කරපු ඒ දුෂ්කර ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්

“තවමත් ප්‍රතිකාර කරමින් ඉන්නවා. දෙවැනි වතාවට ටිකක් අමාරු වුණු නිසා නැවත කිමෝ තෙරපි පටන් ගත්තා. ඒ නිසා ආයෙමත් කොණ්ඩේ ගියා. පෙනුම වෙනස් වුණා. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළේ නම් මම ජීවත් වෙයි කියලා හිතුවෙත් නැහැ. නමුත් දැන් නම් මම ඉස්සරට වඩා ගොඩක් හොඳින් ජීවත් වෙනවා. මගේ සැමියා කුමරු හා පවුලේ හැමෝම මාව බලා ගන්නවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *