පුංචි දේටත් ඇඩෙනවා නම් මේක බලන්න එපා – තාත්තාගේ ගෙලේ අවසන් වතාවටත් ආදරෙන් එල්ලිලා අන්තිම ගමන ගිය හාන්‍යා

116

ත්‍රීරෝද රථය පදවමින් සිටි පියාගේ ගෙලෙහි ආදරයට එල්ලිම හේතුවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නැමැති අවුරුදු එකහමාරක දැරියක්.

ත්‍රීරෝද රථය පැදවූ පියාද අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිටුපස අසුනේ ගමන් ගත් මිත්තණියද සුළු තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසනවා.

මියගිය දැරිය මිත්තනිය මව හා පියා සමග ත්‍රී රෝද රථයෙන් මීගමුවට ගොස් ඇති අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස ඇතැයි ද සඳහන්.

මියගිය දැරිය මිත්තණිය සමග ත්‍රීරෝද රථයේ පිටුපස අසුන්ගෙන නිවස කරා පැමිණ ඇති අතර පියා ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී දැරිය දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී එක්වරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන ඇති අතර එහිදි පියාට ත්‍රීරෝද රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටී තිබෙනවා.

අදාල අනතුරත් සමග දැරිය ත්‍රීරෝද රථයෙන් පිටතට විසි වී ඇති බවයි පැවසෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *