BREAKING NEWS
Search

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිගේ නවතම තත්ත්වය

88

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.

ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක ද වෙයි. 1976 වසරේ කැනඩායේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි.

සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ ද දෙවැනි අත ලෙස හැඳින්වෙන්නේ ද ඈන් කුමරියයි.  ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියාය. ඒ, ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමඟය.

(බීබීසී)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *