BREAKING NEWS
Search

තාත්තේ…මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා.. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මේ ටික මම අරන් යනවා – අපූරු ලියුමක් ලියා තබා නිවසින් ගිය 31 හැවිරිදි පුතා

1868

තාත්තේ…මට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මම එයත් එක්ක පදිංචියට යනවා. ඒ ගෙදරට බඩු මොකුත් නැති නිසා මෙහේ තියෙන බඩු මම අරන් යනවා” යනුවෙන් ලිපියක් ලියා නිවසේ තිබූ බඩු බාහිරාදිය රැගෙන ගිය අයෙකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමා නිවසේ නොමැති අවස්ථාවක සිය නිවසේ තිබූ අල්මාරි, ඇඳ, පුටු ඇතුළු භාණ්ඩ සියල්ල අතුරුදන් වී ඇති බවට පුද්ගලයෙකු වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එහිදී එම නිවෙස පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබී ඉහත සඳහන් කළ ලිපිය හමු වී තිබෙනවා.

31 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ආයතනයක සේවය කළ අයෙක් වන අතර, සැකකරු අත්අඩංගුවට ගෙන සොරාගෙන ගොස් තිබූ ලක්ෂ 10කට අධික භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු විවාහකයෙකු බවත් පෙර විවාහයෙන් වෙන්ව තනිකඩව සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් භාණ්ඩවලින් කොටසක් රුපියල් 40,000ක මුදලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම නිවසේ පරණ මෙට්ටයක් පමණක් ඉතිරිකර අනෙකුත් භාණ්ඩ සියල්ල සැකකරු විසින් ලොරියක පටවාගෙන ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *