විවාහ මංගල්‍යයෙන් දින හතරකට පසු මනාලිය නිවෙසේ සිටියදී ඊයේ උදෑසන පැහැරගෙන පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ පැහැරගෙන ගිය මනාලිය 20හැවිරිදි තැනැත්තියක වන අතර,ඇය පැහැරගෙන ගොස් ඇත්තේ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇයගේ පියා පොලිස් නිලධාරියකු බවත් පොලිසිය කියයි.
අලුත විවාහ වූ මෙම මනාලිය ඊයේ උදෑසන මිදුල අතුගාමින් සිටිය අතරවාරයේ වෑන් රථයකින් පැමිණි තිදෙනකු ඇය ඇදගෙන ගොස් බලහත්කාරයෙන් දමාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ අවස්ථාවේ මනාලිය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීම ඇසී නිවැසියන් සහ අසල්වාසීන් කිහිප දෙනකු එද්දී වෑන් රථය පලා ගොස් ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
අනුව අවට පොලිස් ස්ථානවලට මේ බව දැනුම් දී පැහැරගෙන යන තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් මාර්ග බාධක යොදවා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මනාලිය පැහැරගෙන ගත්තේ යැයි කියන මෝටර් රථය පසු පස පන්නාගෙන ආ පිරිසක් කළ දැනුම් අනුව සැකකටයුතු මෝටර් රථයක් නවත්වා එහි සිටි තරුණයෝ දෙදෙනෙක් පොලිස් භාරයට ගනු ලැබූහ.
එම තරුණයන් දෙදෙනා මහව පොලිසියට රැගෙන ගොස් කරන ලද පරීක්ෂණවලදී මනාලිය පැහැර ගැනීමේ සිද්ධියට ඔවුන්ගේ කිසිම සම්බන්ධතාවක් නොමැති බව හෙළිවීමෙන් පසු ඊයේ සවස ඔවුහු මුදා හරිනු ලැබූහ.
මනාලිය පැහැරගෙන යන අවස්ථාවේ මනාලයා නිවෙසේ සිට නොමැති බව ද පොලිසිය කියයි.


















