BREAKING NEWS
Search

මිතුරන් සමඟ ඒ සතුටෙන් ගෙවා දැමුවේ ඔහුගේ අවසන් මිනිත්තු කිහිපය කියලා ඔහු කවදාවත් හිතන්නට නැතුව ඇති.. මහපාරේ බිම ඇද වැටුණු සිසුවා එතැනම ජීවිතක්ෂයට..

167
මිතුරන් සමඟ ඔහු ඒ සතුටින් ගෙවා දැමුවේ ඔහුගේ අවසන් නිමේෂ බව ඔහු කිසිදිනක සිතන්නට නැතුව ඇති..

ඒත් කවුරුත් නොසිතූ නොපැතූ මොහොතක ඔහුගේ ඉරණම ඒ විදිහට විසඳිලා..

මේ කියන්න යන අවාසනාවන්ත කතාව අපට ඇසෙන්නේ යාපනය ප්‍රදේශයෙන්.. යාපනය, තෝල්පුරම්, විග්නේෂ්වර විද්‍යාලයේ සිසුවෙකු ඊයේ මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

එහිදී ඔහු පාසලේ පැවති අමතර පන්තියකට ගොස් ආපසු මිතුරෙකු සමග සිසිල් බීම පානය කිරීමට අසල වූ වෙළඳසැලක් වෙත යමින් සිටිය දී එක්වරම ඔහු බිම ඇද වැටී තිබෙනවා..

අවට සිටි පිරිස වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති නමුත්, ඔහු රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව‍යි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ..

මෙසේ මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා කෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙක්..

මියගිය සිසුවා සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *